අයහපත් කාලගුණයෙන් 11ක් මරුට..දිස්ත්‍රික් 16කට අනතුරු අඟවයි..(VIDEO)

Accident Sri Lanka Weather Rabukkana
By Aruna Nov 09, 2021 07:43 AM GMT
Aruna

Aruna

Report

ඔක්තෝම්බර් 27 සිට මේ දක්වා දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 16කට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 7167ක්. මරණ 11ක් සහ පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇත්තේ, අධික වැසි තත්ත්වය හේතුවෙන් ඇතිවන නායයෑම් සහ වෙනත් අනතුරු හේතුවෙන් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගියා.

මෙම අනතුරෙන් මව සහ අට හැවිරිදි සහ දාහතර හැවිරිදි දියණියන් දෙදෙනා මියගොස් ඇති බව වාර්තා වනවා.

එමෙන්ම පියා දැඩි ලෙස අනතුරට ලක්ව රෝහල් ගත කර තිබෙනවා.

පියා මේ වන විට කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. සොයා ගන්නා ලද සිරුරු රඹුක්කන මහ රෝහලට රැගෙන ගොස් තිබේ.

අනතුරින් පසු හමුදාව විසින් සිදුකළ මුදවා ගැනීමේ මෙහෙයුම පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha