පලාත් 04කට අද ගිගුරුම් සහිත වැසි..තවත් පලාත් 02කටත් දැනුම්දීමක්..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Feb 25, 2024 12:46 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම පළාත්වල අද (25) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුක් කරමින් අවධාරණය කර සිටිනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊට අමතරව අද දිනයේ ඌව සහ නැගෙනහිර පළාත්වලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි.

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ReeCha