දිවයින පුරා වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්..

Matara Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Sep 30, 2023 01:11 AM GMT
Aruna

Aruna

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව එහි වැඩිදුරටත් සඳහන්.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවේ. සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී බදුල්ල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති විය හැක.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.40-50 පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පොලිසියෙන් කුඩු දාලා හයි කෝට් දානවා කිව්වා - ෆුඩ්සිටියේදී අමානුෂික ලෙස පහර කෑ කාන්තාව. (VIDEO)

පොලිසියෙන් කුඩු දාලා හයි කෝට් දානවා කිව්වා - ෆුඩ්සිටියේදී අමානුෂික ලෙස පහර කෑ කාන්තාව. (VIDEO)


ReeCha