එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දිය යට ගහන්න කෝටි 7500ක අල්ලසක් අරන්

Report

පසුගිය කාල සීමාවේ ශ්‍රී ලංකා මුහුදු ආශ්‍රිත කලාපයේ විනාශයට පත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් ලංකාවට සිදු වූ විනාශය වෙනුවෙන් වන්දි මුදලක් ගෙවීමට අදාළ නැව් සමාගමට නියම විය.

ඒ වගේම කලකට ඉහත දී එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනයෙන් පසු ඊට අදාළ වන්දි නඩු කඩාකප්පල් කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 250ක (රු. කෝටි 7,500ක) අල්ලසක් ලබාදීමේ තොරතුරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලට අදාළ විමර්ශන අතරමඟ ඇනහිට ඇත.

නීතිවිරෝධීව ධීවර කටයුතු කල පිරිසක් නාවික හමුදා දැලේ

නීතිවිරෝධීව ධීවර කටයුතු කල පිරිසක් නාවික හමුදා දැලේ

මීට අදාළ තොරතුරු මුලින්ම වට්ස්ඇප් පණිවිඩයක් ලෙස ලැබී තිබුණේ හිටපු නියෝජ්‍ය ඇමැති, පාර්ලිමේන්තුවේ පරිසර විෂයය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ එවකට සභාපති ධුරය දැරූ අජිත් මාන්නප්පෙරුම මහතාටය. අනතුරුව ඔහු ඒ සම්බන්ධයෙන් එවකට අධිකරණ ඇමැති ධුරය දැරූ විජයදාස රාජපක්ෂ දැනුවත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමෙන් පසු, ඊට අදාළ විමර්ශන ආරම්භ කර තිබේ. මේ විමර්ශන සඳහා අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා කැඳවීමෙන් පසු ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ තමාට මේ අල්ලස ගැන මුල්ම තොරතුර ලැබුණු වට්ස්ඇප් පණිවිඩය දුරකතනයෙ දැන් නොමැති බවත් එය මැකී ගොස් ඇති බවයි.

ඔන්න දැන් තමයි වෙලාව ආයේ කාටවත් කොමිස් පගා දිදී ඉන්න ඕනේ නෑ ආයෝජන අවස්ථා විවෘතයි - විජිත

ඔන්න දැන් තමයි වෙලාව ආයේ කාටවත් කොමිස් පගා දිදී ඉන්න ඕනේ නෑ ආයෝජන අවස්ථා විවෘතයි - විජිත

එය තමන් එවකට අධිකරණ ඇමැති ධුරය දැරූ විජයදාස රාජපක්ෂට යැවූ බවද මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබේ. එවකට අධිකරණ ඇමැතිවරයාගෙන් මේ පිළිබඳ විමසීමේදී, ඔහු අදාළ තොරතුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී තිබේ.

ඒ සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයටද කරුණු වාර්තා කර ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති මූලික අයිතිවාසිකම් නඩු විභාගයේදීද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩගේ අවධානය යොමු වී තිබිණි.

මේ අතර සමුද්‍රීය පරිසර අධිකාරියේ හිටපු සභාපති දර්ශනී ලහඳපුර පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ පවසා තිබුණේ අනතුර සිදු වූ කාලයේ ජනාධිපති කාර්යමණ්ඩලයේ සිටි ප්‍රධානියකු සහ ඇමැතිවරයකු නෞකාවේ වියදම් ප්‍රතිපූරණ මුදල් අමෙරිකානු ඩොලර්වලින් නොව, රුපියල්වලින් ලබාගන්නා ලෙස උපදෙස් දුන් බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව මඟින් මේ සියලු කරුණු පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද අවධාරණය කර ඇත.

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්

මේ සම්බන්ධයෙන් නව රජයේ අවධානය නැවත යොමු වී අදාල ක්‍රියාවන් සිදුකිරීමට මූලිකත්වය දැරූ පුද්ගලයන් හට නිසි දඬුවම් ලබාදීම සිදුකළ යුතුමයි.