නෑ නෑ කිව්වට මේ තියෙන්නේ - චෙම්මනි සමූහ මිනිවළේ අස්ථි 90ක්
යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය අසළ සිදු වන සිව්වන අදියරේ කැණීම් කටයුතුවලින් ජූලි 25 වනදා අවසන් වන විට මිනිස් සිරුරු 90කට අදාළ අස්ථි කොටස් හෙළිවී ඇති බව කැණීම්වල නිරත නිලධාරීන් සඳහන් කරති.
ඔවුන් වැඩිදුරටත් පැවසුවේ, මේ දක්වා කැණීම්වලින් මිනිස් සිරුරු 81කට අදාළ අස්ථි කොටස් භූමියෙන් මතුකරගෙන ඇති බවය.
මෙම ස්ථානය සම්බන්ධයෙන් පළමුව යාපනය පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කළද, මේ වනවිට එම කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් ඇත.
සිව්වන අදියරේ කැණීම් කටයුතු, යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් මත, අගෝස්තු 4 වැනිදා දක්වා දිවයන දින 15ක කාලයක් තුළ සිදුකිරීමට නියමිතය.