කාම්බෝජ – තායිලන්ත ආරවුලට මැදිහත් වන චීනය

Report

කාම්බෝජය සහ තායිලන්තය අතර පවතින උණුසුම් තත්ත්වය සමනය කරන ලෙස චීනය ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත ෆු කොං මහතා චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවෙකු සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

ඔහු එහිදී අවධාරණය කර ඇත්තේ කාම්බෝජය සහ තායිලන්තය චීනයේ හිතවත් අසල්වැසි රාජ්‍යයන් පමණක් නොව, එකිනෙකාගේ මිත්‍රශීලී අසල්වැසියන් මෙන්ම ආසියාන් සංගමයේ වැදගත් සාමාජිකයන් බවයි.

ඔන්න දැන් තමයි වෙලාව ආයේ කාටවත් කොමිස් පගා දිදී ඉන්න ඕනේ නෑ ආයෝජන අවස්ථා විවෘතයි - විජිත

ඔන්න දැන් තමයි වෙලාව ආයේ කාටවත් කොමිස් පගා දිදී ඉන්න ඕනේ නෑ ආයෝජන අවස්ථා විවෘතයි - විජිත

ආසියාන් සංගමය සැමවිටම සාමකාමී ක්‍රම මගින් මතභේද විසඳා ගැනීමේ සම්ප්‍රදායකට අනුගත වී ඇති බවත්, මෙවැනි අවස්ථාවකදී සාමය තවදුරටත් ඉස්මතු වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කර තිබේ.

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්

එසේම, දෙපාර්ශ්වය අතර සන්නිවේදනයේදී චීනය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන බවත්, ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් විධිවිධානවලට චීනය ගරු කරන බවත්, සියලු එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් සහ අදාළ පාර්ශ්වයන් සමඟ සම්බන්ධතා පවත්වා ගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මහ බැංකුවෙන් වාර්තාවක්, එක පවුලකින් හාර ලක්‍ෂ අසූදාහක බදු

මහ බැංකුවෙන් වාර්තාවක්, එක පවුලකින් හාර ලක්‍ෂ අසූදාහක බදු