වියළි කාලගුණය අවසන් කරමින් ප්‍රදේශ කිහිපයකට තද වැසි..
Sri Lanka
TN Weather
Weather
Hatton
By Aruna
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල පැවති අධික වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් (08) දින පස්වරුවේ කැළණි ගගේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත වි ඇති බව වාර්තා වනවා.
ගිනිගත්හේන , ලක්ෂපාන , පොල්පිටිය සහ කිතුල්ගල යන ප්‍රදේශවලට (08) දින පස්වරු 2.00 සිට විනාඩි 20 පමණ කාලයක් අධික වර්ෂාව පතිත වු බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ.
පැවති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල පානිය ජල ගැටළුවක්ද මතු වි තිබීම ද විශේෂත්වයක්.
