අදත් ප්‍රදේශ රැසකට වැසි සහ සුළං..මේ ප්‍රදේශ වල අය අවධානයෙන්..
Sri Lanka
Western Province
Sabaragamuwa Province
TN Weather
Weather
By Aruna
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
මේ අනුව වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එහි සඳහන් වන්නේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.