අද දිවයින පුරා වැසි තත්ත්වය ගැන දැනුම්දීමක්..
Sri Lanka
Western Province
Sabaragamuwa Province
TN Weather
Weather
By Aruna
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි සහ තද සුළං අද (6) සිට අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.
මේ අනුව වයඹ පළාතේ සහ මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං තත්ත්වය පැ.කි(40-45 ) අගයක් ගනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.