අද කාලගුණයේ වෙනස්වීම මෙන්න. ප්‍රදේශ රැසකට සිදුවන දේ.

Matara Sri Lanka Western Province Sabaragamuwa Province Weather
By Aruna May 18, 2023 01:06 AM GMT
Aruna

Aruna

Report

අද (18) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවලත් යාපනය දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ දී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

කෙසේවෙතත් පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට දැඩි උෂ්ණත්වයක් පවතින බවද වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now