රාත්‍රී අහස සරසන විශාල ග්‍රහ වස්තු දෙකක් අනිද්දා පෘථිවියට ළං වෙයි...

Sri Lanka Weather
By Aruna Feb 27, 2023 04:35 AM GMT
Aruna

Aruna

Report

මේ දිනවල දීප්තිමත් ග්‍රහ ලෝක දෙකක සංයෝගයක් බටහිර ක්‍ෂිතිජයේ දැකගත හැකිවනවා. ඒ අනුව අංශක 10 ක් හැඩයෙන් බ්‍රහස්පති ග්‍රහයාට පහළින් සිකුරු ග්‍රහයා දක්නට ලැබෙනවා.

ආදරයේ දෙවඟන වන වීනස් හෙවත් සිකුරු තරුව සහ රෝම දෙවියෙකු වන ජුපිටර් හෙවත් බ්‍රහස්පති ඉතාමත්ම ආසන්න වන්නේ මාර්තු මස 01 වනදායි.

මේ අතර නාසා ආයතනය ට්විටර් සටහනක් තබමින් දැනුම්දී ඇත්තේ, මෙම දීප්තිමත් තාරකා දෙක සහ චන්ද්‍රයා පායා ඇති අයුරු සමීප ඡායාරූපයක් ගෙන ඔවුන් වෙත එවන ලෙසටයි.

ඊට බොහෝ පිරිස් ඡායාරූප එවමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now