අද වායු දූෂණ මට්ටම ශ්‍රී ලංකාවට බලපාන විදිය..එක් පෙදෙසකට යළි ඉහළ යයි..

Sri Lanka Weather
By Aruna Dec 11, 2022 03:13 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකය අද (11) උදෑසන වනවිට ඊයේ (10) දිනයට සාපේක්ෂව යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් පවතින බව වාර්තා වනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වෙබ් අඩවියේ දැක්වෙන වායුගුණාත්මක දර්ශකයේ දැඩි සෞඛ්‍ය අවදානමක් සහිත නගරයක් ලෙස ඊයේ (10) පස්වරුවේ අගය 53ක් ලෙස දැක්වුණු මන්නාරමේ මේ වනවිට එම අගය 59 දක්වා ඉහළ ගොස් තිබේ.

කෑගල්ලේ එම දර්ශක අගය දැක්වෙන්නේ ඒකක 22ක් ලෙසයි. කොළඹ දිස්ත්‍රික්කයේ ද එම තත්ත්වය ඒකක 42ක් ලෙස දැක්වෙනවා.

කෙසේ වෙතත්, යාපනයේ වායුගුණාත්මක දර්ශකයේ අගය ලෙස 44ක් දැක්වෙන අතර, එය ද සාමාන්‍ය තත්ත්වයක් ලෙසයි සැලකෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now