නොසිතු මොහොතක කොළඹ ඇතුලු ප්‍රදේශ රැසකට සුබ ආරංචියක්..
වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේන් මාස දෙකකට ආසන්න කාලයක් දැඩි උණුසුම් කාලගුණයක් පැවති කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ (12) පස්වරුවේ තද වැසි ඇද හැලුණා.
අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ ගාල්ල, කෑගල්ල, රත්නපුර, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකින් ද තද වැසි වාර්තා වූ බවයි.
ඊයේ දිනයේ මේ දක්වා වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවරින් වාර්තා වී ඇති අතර, එය මිලිමීටර් 113 යි දශම 5 ක් ලෙසයි සටහන් වුණේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් මිලිමීටර් 110 ක වැසි වාර්තා වී තිබෙනවා.
මේ අතර බස්නාහිර පළාත ඇතුලු දිවයිනේ පළාත් රැසකට අද (13) දිනයේ මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
සබරගමුව පළාත, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙලෙස මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා නිවේදනයේ දැක්වෙන්නේ.
උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවලද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි ඇතිවිය හැකියි.
කෙසේ නමුත් තද වැසි තත්ත්වය හෙට (14) දිනයෙන් පසුව අඩු විය හැකි අතර නැවති එළඹෙන සතිය අවසානයේ වැසි වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
මාස දෙකකට ආසන්න කාලයක් දැඩි උණුසුම් කාලගුණයක් පැවති දිවයිනේ ප්‍රදේශ රැසකට මෙලෙස යලි තද වැසි ඇති වීම සියලු දෙනාගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වීමක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |