වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ රැසකට හදිසි රතු නිවේදනයක් නිකුත් කරයි..

Report

තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අද (28) උදෑසන 10.30ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන බවයි දන්වා ඇත්තේ.

ඒ අනුව,කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 - 70ත් දක්වා වැඩි වන අතර එම ප්‍රදේශයේ මුහුද ඉතා රළු වන බවයි.

රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න..

රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න..


මේ අතර, මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසත් නාවික හා ධීවර ප්‍රජාවන්ට දැනුම්දී තිබේ.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වෙන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 - 3 දක්වා ඉහළ යා හැකි බවයි දන්වා ඇත්තේ.

බැංකු පොලී අනුපාතය වෙනස්වීම ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..

බැංකු පොලී අනුපාතය වෙනස්වීම ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..


මේ හේතුවෙන් කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තු වැඩිදුරටත් දන්වා ඇත්තේ.