අද සිට රාත්‍රී කාලයේ ගෙවල් තුළ මේදේ කරන්න එපා..02ක් මියයයි..4000කට පීඩා..

Sri Lanka Weather
By Aruna Dec 09, 2022 02:44 AM GMT
Aruna

Aruna

Report
125 Shares

මැන්ඩූස් සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ තද සුළං ඇතුළු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 2 දෙනෙකු මිය ගොස් 9 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

මේ අතර පුද්ගලයින් 4,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි පැවසෙන්නේ.

DMC වාර්තාවට අනුව අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 1302කට අර්ධ හානි සිදුව ඇත.

පුද්ගලයන් 58ක් පමණ අවතැන්ව සිටින බවත් දිස්ත්‍රික්ක 8කට එහි බලපෑම් එල්ල වී ඇති බවත් DMC වාර්තා අවධාරණය කරයි.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගසක් කඩා වැටීමෙන් එක් මරණයක් වාර්තා වේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට පැ.කි.මී. (60-70) පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.

මේ නිසා එම ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් සිටින්න.

මේ අතර ලංකාවේ ඉහල අහසේ රසායනික ද්‍රව්‍ය තැන්පත් වී පැවතීම හේතුවෙන් මිනිසාගේ ශරීරයට දැඩි බලපෑම් සිදුවිය හැකි බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

මේ නිසා පහත කරුණු කෙරෙහි සියලු දෙනාම දැඩි අවධානයෙන් සිටින්න.

සැමවිටම එය ඔබගේ ශරීර සෞඛ්‍යයට හිතකර වේ.

•ඔබ මේ රසායනික වැස්සේ තෙමෙන්න එපා.


•කුඩ වෙනුවට වැසි කබා භාවිතා කරන්න


• එලියට යන විට සැහැල්ලු Mask භාවිතා කරන්න


•කුඩා ලමුන්ව විශේෂයෙන් වැස්සට නිරාවණය කිරීමෙන් වලකින්න


•එලිමහනේ ඇති ලිඳ වසා තබන්න,


•දින ගනනක් සූර්යා අලෝකය අවමවීම වේවි.


•ශීත කාලයගුණය බොහො සෙයින් වැඩිවේවි.


•රාත්‍රියේදී ගෙවල් තුල මදුරු කොයිල් වැනි දෑ පත්තු කිරීමෙන් වලකින්න.

•දිවා කාලයේ පිරිසිදු වාතය දෙන ශාකයක් ගේ තුල තබා ගන්න


•රසායනික වැස්ස හිතන තරම් සුලු පටුනොවේ

ඔබටත් නොදැනී ඔබේ ප්‍රතිශක්තිකරණය ඇතුලු සියල්ල අඩපණ කිරීමට හැකියාව ඇත.

දැනුවත් කර ඇගට නොදැනී ඔබව විනාස කරන ව්‍යසනයක් වලකාගන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now