අද මුහුද පැත්තටවත් යන්න එපා..කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්.

Weather Rain Sinhala news
By Mithu May 29, 2025 08:15 AM GMT
Mithu

Mithu

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳ රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. මෙම අනතුරු ඇඟවීම 2025 මැයි 30 වන දින (හෙට) දහවල් 12:30 දක්වා බලපැවැත්වෙන බව දෙපාර්තමේන්තුව පවසයි. මෙම රතු නිවේදනය හලාවත සිට පුත්තලම, මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත්, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවලට අදාළව නිකුත් කර ඇත.

එලෝන් මස්ක් ජනපති ට්‍රම්ප්ට ස්තුති කරයි !

එලෝන් මස්ක් ජනපති ට්‍රම්ප්ට ස්තුති කරයි !

එම ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමත්ව හා විමසිලිමත්ව කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී ඇත. එමෙන්ම, මෙම තද සුළං හා රළු මුහුදු තත්ත්වය හේතුවෙන්, ඉහළ මුහුදු ප්‍රදේශවලට යාත්‍රා කිරීමෙන් වළකින ලෙසත්, නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් ඈත්ව සිටින ලෙසත් නාවික හා ධීවර ප්‍රජාවන්ට දැඩි ලෙස දැනුම් දී ඇත.

මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල රළු තත්ත්වයන්, තද සුළං, සහ ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවත්, එමඟින් ජීවිත හා දේපළවලට හානි සිදුවීමේ අවදානමක් පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

අනුදිට දිනන්න පුළුවන් අවසාන චාන්ස් එක මෙන්න මිස් කරන්න එපා. උදව්කරමු..

අනුදිට දිනන්න පුළුවන් අවසාන චාන්ස් එක මෙන්න මිස් කරන්න එපා. උදව්කරමු..

ReeCha