ඉදිරි පැය 24 ගැන රතු නිවේදනයක්

Department of Meteorology Weather
By Wayomi Sep 09, 2024 09:33 AM GMT
Wayomi

Wayomi

Report

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි පැය 24 සඳහා එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

බෙංගල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා සැලකිලිමත්වන ලෙස දන්වා අනතුරු අඟවා තිබෙනවා.

වයඹ සහ ඊට යාබද බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී සැප්තැම්බර් 08 වන දින 1800UTC වන විට උතුරු අක්ෂාංශ 18.9 ත් නැගෙනහිර දේශාංශ 86.3ත් ආශ්‍රිතව පැවති බව සඳහන්.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.


මෙම පද්ධතිය ආසන්න වශයෙන් වයඹ දෙසට ගමන් කරමින් අද (සැප්තැම්බර් 09) 0600UTC ට පමණ ඉන්දියාවේ ඔඩිෂා වෙරළ හරහා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සඳහන් වේ.

උතුරු අක්ෂාංශ 13ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 83 සහ 95 ත් අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ.කි.මී 70-75) සමගින් තද වැසි පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි.

සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?

සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?


ඒ,අනුව පහත සිතියමේ "Warning" කාණ්ඩට යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී තිබෙනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

රාජ්‍ය සේවකයින්ගේ විදේශ නිවාඩු සඳහා නව චක්‍රලේඛයක්.. - මූලික නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්.

රාජ්‍ය සේවකයින්ගේ විදේශ නිවාඩු සඳහා නව චක්‍රලේඛයක්.. - මූලික නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්.

තව මාසයකින් බැංකු පොලිය 9% දක්වා අඩු වී - බදු ආදායමෙන් 25%ක් රාජ්‍ය සේවක වැටුපට එක්වෙන්නේ මෙහෙමයි.

තව මාසයකින් බැංකු පොලිය 9% දක්වා අඩු වී - බදු ආදායමෙන් 25%ක් රාජ්‍ය සේවක වැටුපට එක්වෙන්නේ මෙහෙමයි.


Gallery