ආය ඇට්ටි හැලෙන්නම දෙන්න ද යන්නේ?. කාලගුණයේ වෙන දෙය මෙන්න..
අද (04) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
එමෙන්ම, අද සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.
තවද, උදෑසන කාලයේ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලත් මීදුම් සහිත තත්ත්වයක් පැවති.
කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ගිගුරුම් සහිත අකුණු මගින් වන හානිය අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
You May Like This Video👇