ලංකාවටම මහ විනාසයක් - ජාතික පාසල් 150ක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 07ක් විනාස බවට වාර්තාවක්
පසුගිය දිට්වා සුළි කුණාටුව නිසා ජාතික පාසල් 150කට හා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 07ක් වෙනුවෙන් රුපියල් කෝටි 227කට අධික අලාභයක් සිදුව ඇති බව නවතම විගණන වාර්තාවක් මඟින් පෙන්වා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ වාර්තාවේ මෙම ආපදාව හේතුවෙන් සිදුවී ඇති අලාභය රුපියල් 2,274,230,000ක් බවට අමාත්‍යාංශයේ ඉංජිනේරු අංශය විසින් ඇස්තමේන්තුගත කර ඇති බව සඳහන්.
කෙසේ වුවද මේ පිළිබඳව මූල්‍ය ප්‍රකාශන තුළ හඳුනා ගැනීම හෝ අනාවරණය කිරීම සිදු කර නොතිබූ බවත් අදාළ විගණන වාර්තාවේ දැක්වෙන බව වාර්තා වේ.
එමෙන්ම දිවයිනෙහි පවත්නා පාසල්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු විද්‍යාල ආදියෙහි යටිතල පහසුකම් සංවර්ධනට අදාළ ප්‍රධාන වගකීම ඉංජිනේරු ශාඛාව වෙත පැවරී ඇති බවත් ඒ අනුව 2025 වසරේ ඉදිකිරීම් 41ක් සඳහා රුපියල් 8,432,290,000ක මුදලක් වෙන් කර තිබූ බවත් විගණන වාර්තාවේ සඳහන්.
එසේ වුවද එම ක්‍රියාකාරකම් තුළින් එම වර්ෂය තුළදී ළඟා කරගත් ප්‍රගතිය පරීක්ෂාවේදී ඉටු නොකල ක්‍රියාකාරකම් 10ක් හා භෞතික ප්‍රගතිය 50ට අඩු ක්‍රියාකාරකම් 16ක්ද පැවැති බවත් විගණන වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇති බව සඳහන්.