ජපාන රජය ලංකාව ගැන විශේෂ තීරණයක් ගනී.. ලංකාවටම සතුටු වෙන්න පුලුවන් දැන්..(PHOTOS)

Report

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක්) ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබේ.

මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (03) සිදු විය.

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

අස්වැසුම තියෙනව ද?. නැද්ද?. පාසල් දරුවන්ට ලැබෙන දීමනාව මෙන්න..

අස්වැසුම තියෙනව ද?. නැද්ද?. පාසල් දරුවන්ට ලැබෙන දීමනාව මෙන්න..

ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මහත්මිය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊට අත්සන් තබන ලදී.

මෙම ප්‍රදානය මගින් පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණයෙහි ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා කසල ප්‍රවාහනයට කම්පැක්ටර් රථ 28ක් සපයනු ලබයි.

ඉන් බස්නාහිර පළාතට රථ 14ක්, නැගෙනහිර පළාතට රථ 08ක් සහ උතුරු පළාතට රථ 06ක් බැගින් ලබා දීමට නියමිත ය.

වත්මන් රජය ගෙන යන දුෂණ විරෝධී වැඩපිළිවෙළ නිසා ලෝකයේ රටවල ආයෝජන ආකර්ෂණය ශ්‍රී ලංකාව වෙත යොමු වෙමින් තිබෙන බව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මහත්මිය මෙහිදී සඳහන් කළා ය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඇතුළත් සම්පූර්ණ නිවේදනය පහතින් දැක් වේ,

You May Like This Video👇 

GalleryGallery