"පිස්සෝ ටික විකාර ගොඩක් කතා කරනවා.. හැබැයි පක්ෂයේ බෙදීමක් නැහැ" - ලාල්කාන්තගෙන් මඩ ප්‍රචාරවලට අපූරු පිළිතුරක්

Report

ජාතික ජන බලවේගය තුළ කිසිදු බෙදීමක් නොමැති බවත්, අග්‍රාමාත්‍යවරිය ස්වාධීනව කටයුතු කරන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් අමාත්‍ය කේ.ටී. ලාල්කාන්ත මහතා පවසයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මුලදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර ගැටුමක් පවතින බවට විවිධ වාර්තා පළ වූ බවත්, පසුව ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පරස්පරතා ඇති බවට ද වාර්තා පළ වූ බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත්, එවැනි කිසිදු තත්ත්වයක් යථාර්ථයේ නොමැති බවද කේ.ටී. ලාල්කාන්ත මහතා අවධාරණය කළේය.

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

මේ වනවිට අග්‍රාමාත්‍යවරිය සම්බන්ධයෙන් නව කටකතා පැතිරෙමින් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා, ජනතා විමුක්ති පෙරමුණ අග්‍රාමාත්‍යවරියට එරෙහිව කුමන්ත්‍රණයක් සිදුකරන බවට පළවන වාර්තා ද සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පැවසීය.

“විවිධ පුද්ගලයන්ට විවිධ දේ කතා කරමින් ව්‍යාකූලත්වයක් ඇති කළ හැකියි. නමුත් වෛද්‍යවරුන් කිසිවකින් ව්‍යාකූල වන්නේ නැහැ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.  

තත්ත්වය බරපතළයි - රටම සලිත කරමින් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනයක්

තත්ත්වය බරපතළයි - රටම සලිත කරමින් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනයක්