හෙට මොකද දන්නව ද වෙන්නේ?. කොහෙහරි යන්න හිතන් ඉන්නව නම් මේ ගැනත් දැනගන්න..
By krishani
හෙට (30) දිනයේ පස්වරුවේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ හෙට දිනයේ ඌව සහ වයඹ පළාත්වල ද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ය.
එමෙන්ම, නැගෙනහිර පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.