ඉදිරි පැය කිහිපය ගැන අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් ඉන්න.

Report

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාරසහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද අදාල නිවේදනයේ සඳහන් වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ලග්න 04ක අය අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න...07කට යහපත් දවසක්.(VIDEO)

ලග්න 04ක අය අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න...07කට යහපත් දවසක්.(VIDEO)


මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව දැනුම්දෙනු ලබයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මේ අතර, මඩකලපුව සිට හම්බන්තොට සහ ගාල්ල හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක.

සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක්..තවත් විශේෂ සහන රැසක්..නව අයවැයෙන් ජනතාවට ලැබෙන සහන මෙන්න.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක්..තවත් විශේෂ සහන රැසක්..නව අයවැයෙන් ජනතාවට ලැබෙන සහන මෙන්න.


කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) පමණ දක්වා ඉහළ යා හැක.

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව

You May Like This Video


Gallery