රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක්..තවත් විශේෂ සහන රැසක්..නව අයවැයෙන් ජනතාවට ලැබෙන සහන මෙන්න.
ලබන මස පෙබරවාරි 17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන ජාතික ජනබලවේගය රජයේ මංගල අයවැය ලේඛනයෙන් සාමාන්‍ය ජනයාගේ ජීවන වියදමට සහනයක් සැලසීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක වැට් බදු ඉවත්කිරීමට නියමිත බවයි මෙරට ප්‍රධාන පුවත් පතක් වාර්තා කර සිටින්නේ.
එසේම රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබාදීම, උපයනවිට ගෙවීම් බද්දේ උපරිම සීමාවන් වෙනස් කිරීමට සහ එම බද්ද අයවන ආදායම් කාණ්ඩවල වෙනසක් සිදු කිරීම ද අයවැයෙන් සිදු කෙරෙනු ඇති බවයි එම පුවත්පත පවසන්නේ.
භාණ්ඩ වර්ග කිහිපයක වැට් බදු ඉවත්කිරීමෙන් සහ ජීවන වියදම අඩු කිරීමට අදාළ තවත් අයවැය යෝජනා හරහා ජනතාවගේ වියදම් කිරීමේ හැකියාව වර්ධනය වනු ඇතැයි ද ඒ හරහා ජනතාවගේ අධික ජීවන බරට සහනක් වනු ඇතැයි ද රජය අපේක්ෂා කරනු ලබයි.
You May Like This Video