හෙට සිට හැමෝම මේ ගැන අවධානයෙන් ඉන්න..ලංකාවට කුමක් වෙයි ද?..

Report

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් හෙට (23) නිර්මාණය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

ඉන් අනතුරුව එළඹෙන දින 2 තුළදී එය නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බබත්ත, තවද, එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවද දන්වා ඇත.

රට පුරා සහල් සම්බන්ධයෙන් රතු එළියක්..සුපිරි වෙළඳසැලුත් හදිසි තීරණයක් ගනී..

රට පුරා සහල් සම්බන්ධයෙන් රතු එළියක්..සුපිරි වෙළඳසැලුත් හදිසි තීරණයක් ගනී..


මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බවද අදාල නිවේදනයේ සඳහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බව ද දන්වා තිබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ.

ලිංගික පද්ධතිය ගැන මේ ලග්න වල අය අවධානයෙන් ඉන්න..ටිකට් එකක් ගන්න..හදිසි ධන ලාභයක් හිමිවන දිනයක්.

ලිංගික පද්ධතිය ගැන මේ ලග්න වල අය අවධානයෙන් ඉන්න..ටිකට් එකක් ගන්න..හදිසි ධන ලාභයක් හිමිවන දිනයක්.


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද නිවේදනය කර ඇත.

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.