වහාම ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති කොට්ටයක මිල ඉහළට - නව අගයන් මෙන්න
දේශීය සිමෙන්ති සමාගම් කිහිපයක් විසින් කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
මෙම මිල සංශෝධනයත් සමඟ වෙළෙඳපොළේ සිමෙන්ති මිල ගණන් ඉහළ යනු ඇත.
පවතින පිරිවැය ඉහළ යාම හමුවේ මෙම මිල වැඩි කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.