ලෝකෙටම සුබ ආරංචියක් - තෙල් මිල පහළට - 2020න් පසුව සතියක් තුළ වාර්තා වූ විශාලතම මිල පහත වැටීම මෙන්න

Report

ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අමෙරිකා - ඉරාන යුද ගැටුම් සමනය වනු ඇති බවට ලෝක වෙළෙඳපොළ තුළ පවතින අපේක්ෂා හේතුවෙන්.

එබැවින් බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල ඉකුත් සතිය තුළ 16%කින් පමණ පහළ ගොස් තිබෙන අතර, එය 2020 වසරෙන් පසුව සතියක් තුළ වාර්තා වූ විශාලතම මිල පහත වැටීම බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එසේම බටහිර ටෙක්සාස් අතරමැදි (WTI) බොරතෙල් මිල ද සතියක් තුළ 12%කින් පමණ පහත වැටී ඇති බව සඳහන්.

එබැවින් අද පෙරවරුව වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 98ක් වශයෙන් සටහන් වූ අතර, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90කට ආසන්න අගයක පැවති බව වාර්තා විය.

දීපවාලි උත්සව සිරි මැද අද රටම හොයපු රන් මිල මෙන්න - කැරට් 24 රන් පවුමක් මෙච්චරයි

දීපවාලි උත්සව සිරි මැද අද රටම හොයපු රන් මිල මෙන්න - කැරට් 24 රන් පවුමක් මෙච්චරයි

මේ අතර බොරතෙල් මිල මෙසේ පහත වැටීමට ප්‍රධාන කරුණු දෙකක් බලපා ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

එනම් අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය පරාජයට පත්වීමත් සමඟ ඉරානය සමඟ පවතින යුද ගැටුම් අවසන් වනු ඇති බවට වෙළෙඳපොළ තුළ ඇතිවී තිබෙන අපේක්ෂාව සහ මැදපෙරදිග කලාපයේ සිට ලෝක වෙළෙඳපොළට ලැබෙන බොරතෙල් සැපයුම යම් ප්‍රමාණයකින් ඉහළ යාමයි.

හෙට මේ පාසල් වැසෙයි - විශේෂ නිවාඩුවක් දීමට පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් තීරණයක්

හෙට මේ පාසල් වැසෙයි - විශේෂ නිවාඩුවක් දීමට පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් තීරණයක්

උසස් පෙළ,සාමාන්‍ය පෙළ ඇතුළු විභාග ලියූවන් සඳහා අද සහ හෙට - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ,සාමාන්‍ය පෙළ ඇතුළු විභාග ලියූවන් සඳහා අද සහ හෙට - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්