සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පසුගිය මාස 09 තුළ අ.ඩො. මිලියන 417ක ලාභයක්
සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය මාස 9ක කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 417ක ලාභයක් උපයා ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
ඛනිජ තෙල් සංස්ථාවේ ඉදිරි වැඩපිළිවෙල සහ පිරිපහදුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු මේ පිළිබඳව අනාවරණය කළේය.
"තෙල් සංස්ථාවට සපුගස්කන්ද පිරිපහදුව තිබුණේ නැහැ. කැබිනට් අනුමැතියක් අරන්, තෙල් සංස්ථාවෙන් අයින් කරලා ගලවලා තිබුණේ. එතකොට අන්න ඒ පිරිපහදුව මේ මුල් මාස නමය ඇතුළේ අපිට ලාභ පෙන්නලා තියෙනවා ඩොලර් මිලියන 417ක්. වහලා දාන්න හිටපු පිරිපහදුව මේ මාස නමය ඇතුළේ ඩොලර් බිලියනයකට වැඩි ප්‍රමාණයක් රටේ ඩොලර් ඉතුරු කරලා තියෙනවා. මේ අර්බුදය පැවැත්වෙද්දී අපි මුල් මාස නමය රුපියල් බිලියන 28ක ලාභයක් ලබාගෙන තියෙනවා. අපි සැලැස්මකට යන්නේ. මේ අවුරුද්ද අවසන් වන විට අපි 28යි 30 අතර ලාභයක් අපි බලාපොරොත්තු වෙනවා."