ලංකාවටත් රතු එළියක්.. මධ්‍යම කඳුකරයේ භූ කම්පන තත්ත්වයන් ඇති වීමේ අවදානමක්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳව සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් ප්‍රධාන ජලාශ අටම ජලයෙන් පිරී පවතින බැවින් මධ්‍යම කඳුකරයේ සුළු භූ කම්පන තත්ත්වයන් ඇති වීමේ හැකියාවක් තිබෙන බව පැවසූ බව සඳහන්.
එසේම වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, කොත්මලේ, පොල්ගොල්ල, බෝවතැන්න, කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශ මේ වන විට උපරිම ජලධාරිතාවක් පෙන්නුම් කරන බවද ඇතැම් ජලාශ පිටාර මට්ටම ඉක්මවා ඇති බවට ද මහාචාර්යවරයා පැවසූ බව වාර්තා වේ.
මධ්‍යම ජපානය කැළඹෙයි - ප්‍රබල භූමිකම්පාවක් - ඉදිරි දින දෙක තුන තුළ වෙන්න යන විනාසය ගැන ජපානෙටම අනතුරු ඇඟවීමක්
එමෙන්ම මෙයට පෙර මෙවැනිම අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් පසු කෙටි කලකින් මධ්‍යම කඳුකරයේ දිගන පල්ලේකැලේ මහියංගනය ආශ්‍රිතව භූ කම්පන තත්ත්ව ඇතිවූ බවද මහාචාර්යවරයා පෙන්වා දී ඇත.
ඊට අමතරව ඔහු අවධාරණය කළේ ජලාශවල ජලය දිගු කාලයක් රඳවා තැබීම නිසා පොළවේ පාෂාණ ස්ථරයන් පීඩනයට ලක් විය හැකි අවස්ථා මතු විය හැකි බවයි.