අද සවස එළියට යන අය මේ ගැන සූදානමින් යන්නැයි දැනුම්දීමක්..

Report

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට අද (18) මි.මී.50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න..

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න..


බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.

තවද, එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.