අද දිවයින පුරා ප්‍රදේශ රැසකට කාලගුණයේ ප්‍රබල වෙනසක්..

Western Province Southern Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Nov 06, 2024 01:24 AM GMT
Aruna

Aruna

Report

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

උතුරු සහ වයඹ පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද අදාල නිවේදනයේ සඳහන් වේ.

අද දිනය ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන දැඩි අවධානයෙන් ඉන්න..මේ ලග්න වලට විශේෂයි.

අද දිනය ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන දැඩි අවධානයෙන් ඉන්න..මේ ලග්න වලට විශේෂයි.


බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද දැනුම්දී ඇත.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ReeCha