දිවයින පුරා ඉදිරි දින කිහිපය සම්බන්ධයෙන් දැනුම්දීමක්..

Report

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

පොලීසියේ ඉහළ පුටුවේ වෙනසක් වෙන්න යයි..නොසිතූ කෙනෙක් පත් වෙයි?.එම පුද්ගලයා මෙන්න.

පොලීසියේ ඉහළ පුටුවේ වෙනසක් වෙන්න යයි..නොසිතූ කෙනෙක් පත් වෙයි?.එම පුද්ගලයා මෙන්න.


නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද දන්වා ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-45 පමණ තද සුළං බලාපොරොත්තුවන බවයි.