පොලීසියේ ඉහළ පුටුවේ වෙනසක් වෙන්න යයි..නොසිතූ කෙනෙක් පත් වෙයි?.එම පුද්ගලයා මෙන්න.

Report

නව රජය යටතේ වැඩ බලන පොලිස්පති තනතුරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට යෝජනා කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ‘ප්‍රධාන පුවත්පත්’ වෙබ් අඩවියකට ප්‍රකාශ කර තිබෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුවේ තිස්හය වසරක නොකලැල් සේවාවක් හිමි හෙතෙම පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා විවිධ තරාතිරම්වල සේවය කළ දක්ෂ නිලධාරියෙක් බවයි පැවසෙන්නේ.

කටක,වෘශ්චික ,මකර සහ කුම්භ ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් ඉන්න..නැතිනම් වෙන දේ මෙන්න.

කටක,වෘශ්චික ,මකර සහ කුම්භ ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් ඉන්න..නැතිනම් වෙන දේ මෙන්න.


මේ වනවිට උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන හෙතෙම මීට පෙර අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, උතුරු හා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් සැපයුම් අංශයේ අධ්‍යක්ෂ යන තනතුරුද හොබා ඇත.

1988 දී පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයකු ලෙස පොලිස් සේවයට එක්වූ හෙතෙම 1992 දි උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ලබා තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියකු ලෙසද, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයකු වශයෙන්ද දිවුරුම් දීමෙන් පසුව සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා ඔහු උසස්වීම් ලබා ඇත.

මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියද ලබා ඇති හෙතෙම නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම් සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකු හා පොලිස් අධිකාරිවරයකු ලෙස ද එක්ව තිබීම විශේෂත්වයක්.

මෙම රාජකාරි කාලසීමාව තුළ පොලිස්පතිවරුන් දසදෙනකු විසින් පොලිස් සේවයට කළ සේවය අගයමින් ප්‍රශංසාත්මක ලිපි ද ලබාදී තිබේ.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..සිසුන්ට සතුටුදායක පණිවුඩයක්.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..සිසුන්ට සතුටුදායක පණිවුඩයක්.


වැඩබලන පොලිස්පති තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ප්‍රියන්ත වීරසූරිය හා ලලිත් පතිනායක යෝජනා වී තිබූ අතර ඒ අතරින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යෝජනා වූ බවයි රජයේ ආරංචි මාර්ග අදාල පුවත්පත් වෙබි අඩවියට සනාථ කර ඇත්තේ.