අද සවස ගෙදරින් එළියට යන අයට කල්තියා දැනුම්දීමක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වල අයටයි.

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ කාලගුණය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද අදාල නිවේදනයේ සඳහන් වේ.

විවාහ වූ අයට කටක ලග්නයේ නම් අද සුභ ආරංචියක්..ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් වැඩ කරන්න.

විවාහ වූ අයට කටක ලග්නයේ නම් අද සුභ ආරංචියක්..ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් වැඩ කරන්න.


බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී.50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක බවද දන්වා තිබේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ද ඇතිවිය හැක.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

දිවයින පුරා සියලුම ඡන්දදායකයින්ට අද සිට විශේෂවෙයි..රාජ්‍ය සේවකයින්ටත් දැනුම්දීමක්..

දිවයින පුරා සියලුම ඡන්දදායකයින්ට අද සිට විශේෂවෙයි..රාජ්‍ය සේවකයින්ටත් දැනුම්දීමක්..


දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

ඒ අනුව අද දින (04) දහවල් 12:09 ට කළුතර, නිවිතිගල, කහවත්ත සහ ඔකන්ද ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.