දිවයින පුරා සියලුම ඡන්දදායකයින්ට අද සිට විශේෂවෙයි..රාජ්‍ය සේවකයින්ටත් දැනුම්දීමක්..

Election Commission of Sri Lanka Election Political Development Sri Lanka Presidential Election 2024
By Aruna Sep 04, 2024 01:32 AM GMT
Aruna

Aruna

Report

තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (4) පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ මහලේකම් කාර්යාල, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් ස්ථාන, පොලිස් ස්ථාන, STF කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශවල නිල ඇඳුමින් සැරසුණු කාර්ය මණ්ඩලයට සහ සිවිල් සේවකයින්ට ඒවා සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ලකුණු කිරීම අද (04), හෙට (05) සහ අනිද්දා (06) යන දිනවලදී සිදු කරන අතර තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කළ ස්ථාන ප්‍රකාශයට පත් කර තිබෙන අතර, අද දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතී.

විවාහ වූ අයට කටක ලග්නයේ නම් අද සුභ ආරංචියක්..ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් වැඩ කරන්න.

විවාහ වූ අයට කටක ලග්නයේ නම් අද සුභ ආරංචියක්..ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් වැඩ කරන්න.


මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ, අද (04) සහ අනිද්දා (06) දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලවල, නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරි සහ සහකාර පොලිස් අධිකාරි කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවලදී නිල ඇඳුම් කාර්ය මණ්ඩල සහ එම කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සිවිල් කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතින බවයි.

හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල ද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව තිබේ.

අදාළ දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බව ද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක්..කලකට පසු සිදු වූ විශේෂ දේ මෙන්න.

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක්..කලකට පසු සිදු වූ විශේෂ දේ මෙන්න.


ඡන්දය සලකුණු කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය වන අතර ඒ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව මඟින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත භාවිත කිරීමට හැකියාව පවතී.

ReeCha