අද සිට කාලගුණයේ වෙනසක්..සවස් කාලයේ නිවසින් පිට යනවනම් සූදානමින් යන්න..

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඌව පළාත, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද අදාල නිවේදනයේ සඳහන් වේ.

පියුමි සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න..

පියුමි සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න..


උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ.

මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත්තේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

තරුණ ඔබට අද යහපත් ග්‍රහයෝගයක්..විවාහ අපේක්ෂකයින්ට මල් 07යි..

තරුණ ඔබට අද යහපත් ග්‍රහයෝගයක්..විවාහ අපේක්ෂකයින්ට මල් 07යි..