අද දිවයින පුරා වැස්ස සහ සුළග වැඩි වෙයි..මේ ප්‍රදේශ වල අය අවධානයෙන් ඉන්න..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Jul 05, 2024 01:04 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ රික්කවලත් විටින් විට වැසි ඇති ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අනුව, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු සහ උතුර-මැද පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව අදාල නිවේදනයේ සඳහන් වේ.

අද ඔබ මේ ලග්නයේ නම් සියලු සැප සම්පත් ලැබෙන වාසනාවන්ත දවසක්..ගුරු වෘත්තියේ අයටත් අද ඉතාමත් ශුභයි..

අද ඔබ මේ ලග්නයේ නම් සියලු සැප සම්පත් ලැබෙන වාසනාවන්ත දවසක්..ගුරු වෘත්තියේ අයටත් අද ඉතාමත් ශුභයි..


ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

අදාල නිවේදනයේ සඳහන් වන අන්දමට මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව ජනතාවට දැනුම් දී ඇත්තේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

67 වැනි මහලෙන් ඇද වැටී මිය ගිය 15 හැවිරිදි සිසුවා සහ සිසුවියගේ සිද්ධිය ගැන අලුත්ම ආරංචිය මෙන්න..(PHOTOS)

67 වැනි මහලෙන් ඇද වැටී මිය ගිය 15 හැවිරිදි සිසුවා සහ සිසුවියගේ සිද්ධිය ගැන අලුත්ම ආරංචිය මෙන්න..(PHOTOS)