කාලගුණයෙන් විශේෂ අනතුරු ඇඟවීමක්..වහාම මේ ගැන අවධානයෙන් ඉන්න..

Report

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අද (27) උදෑසන 3.30ට නිකුත් කර ඇති අදාළ නිවේදනය ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙනු ඇති.

ඒ අනුව, අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවන්ට වඩාත් සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනු ලබයි.

අද දිවයින පුරා සියලු පාසල් වැසෙයි ද?..සියලු විස්තර මෙතනින් දැනගන්න..

අද දිවයින පුරා සියලු පාසල් වැසෙයි ද?..සියලු විස්තර මෙතනින් දැනගන්න..


එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, මේ හේතුවෙන් ඉතා තද සුළං ඇති විය හැකි බවත් මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අදාල නිවේදනය මගින් දන්වා ඇත.

තවද මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය.

දකුණු අප්‍රිකාව මෙතෙක් ලෝක කුසලානයක සිදු නොවූ දෙයක් අද කරයි..ඇෆ්ගනිස්ථානයට සිදු වූ ඉරණම.(UPDATE)

දකුණු අප්‍රිකාව මෙතෙක් ලෝක කුසලානයක සිදු නොවූ දෙයක් අද කරයි..ඇෆ්ගනිස්ථානයට සිදු වූ ඉරණම.(UPDATE)


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ද ඇති විය හැකි බව අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.