අද දිවයින පුරා සියලු පාසල් වැසෙයි ද?..සියලු විස්තර මෙතනින් දැනගන්න..

Report

අද (27) දිනයේ සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබෙනවා.

මේ අතර ඊයේ (26) දිනයේදී පොලීසිය ගුරු විදුහල්පතිවරුන්ට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් අද දිනයේ සමස්ත පාසල් පද්ධතිය වසා දමන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු ගුරු විදුහල්පතිවරුන්ගේ සංගමයේ වෘත්තීය නායකයෝ පවසනවා.

දිවයින පුරා පාසල් 10026 වැසෙයි..අපේ සුබ ආරංචිය දිහා බලන්න..

දිවයින පුරා පාසල් 10026 වැසෙයි..අපේ සුබ ආරංචිය දිහා බලන්න..


ඔවුන් ඒ බව පැවැසූවේ, ගුරු විදුහල්පතිවරුන්ගේ තුනෙන් දෙකක හිඟ වැටුප් ලබා ගැනීම, මව්පියන්ගෙන් මුදල් අය නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ඊයේ (26) පෙරවරු 10.30 ට පමණ කොටුව දුම්රියපොල අසල පැවැත්වූ විරෝධතාවයකින් අනතුරුවයි.

මෙම විරෝධතාවයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම නිසා ගුරු විදුහල්පතිවරුන් විශාල ප්‍රමාණයක් විවිධ අපහසුතාවන්ට ලක්වීම නිසා ඔවුන් පාසල් නොපැමිණෙන බවත්, ඔවුන්ට සහය පලකරමින් අනෙකුත් ගුරු විදුහල්පතිවරුන් අද දිනයේ පාසල් නොපැමිනෙන බැවින්,පාසල්වල ඉගැන්වීම් කටයුතු අඩපන වන බවයි ඔවුන් පවසන්නේ.

අද මේෂ, සිංහ, තුලා, වෘශ්චික සහ මකර යන ලග්න හිමියන් දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..හේතුව මෙන්න..

අද මේෂ, සිංහ, තුලා, වෘශ්චික සහ මකර යන ලග්න හිමියන් දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..හේතුව මෙන්න..


කෙසේවෙතත් අද දිනයේ සියලු පාසල් වසා දැමෙන බව එම සංගම් ප්‍රකාශ කළ ද,අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ දිවයින පුරා සියලුම පාසල් සාමාන්‍යපරිදි පවත්වන බවයි.

මීට අදාලව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්?

Gallery