අද මේ ප්‍රදේශ වල ජනතාව අවධියෙන් ඉන්න..වැස්ස වැඩි වෙයි..
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
මේ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එහි සඳහන් වන්නේ.
අදාල නිවේදනයේ සඳහන් වන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.
වයඹ පළාතෙත් මන්නාරම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.
තවද දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එහි සඳහන්.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි.