බෙංගාල බොක්ක තාමත් එහෙමයි?.. අද රෑ වෙන්න යන දෙය මෙන්න.. මේ පැතිවල අය වැඩි අවධානයෙන් ඉන්න..

By krishani Dec 16, 2024 12:01 PM GMT
Report

ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (16) දහවල් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සදහන් වන්නේ, ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින කැළඹිලි ස්භාවය තවදුරටත් පවතින බවයි.

හැමෝටම?. මේ 26ට කලින් ගෙවන්න ඕන.. බදු ගැන දැඩි තීරණයක් මෙන්න..

හැමෝටම?. මේ 26ට කලින් ගෙවන්න ඕන.. බදු ගැන දැඩි තීරණයක් මෙන්න..

එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවත්, එය දිවයිනේ උතුරුට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බවත් සඳහන් වේ.

මහා පරිමාණ හාල් මෝල්වලට යුධ හමුදාව බස්සවයි?. පිටකොටුව පීරලා හොයලා තියෙන්නෙ මොකක් ද?.. හම්බෙලා ද?.

මහා පරිමාණ හාල් මෝල්වලට යුධ හමුදාව බස්සවයි?. පිටකොටුව පීරලා හොයලා තියෙන්නෙ මොකක් ද?.. හම්බෙලා ද?.

මෙම පද්ධතිය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව, විශේෂයෙන්ම දිවයිනේ නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙසෙන මහජනතාව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා ඇත.

එමෙන්ම, උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැකි ය. 

එමෙන්ම, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය 

කෙසේ වෙතත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව සදහන් වේ.

You May Like This Video👇 

.