අදත් රට පුරා ප්‍රදේශ රැසකට තද වැසි..මුහුදු බඩ ප්‍රදේශ වල ජනතාව විමසිල්ලෙන්..
Matara
Western Province
Sabaragamuwa Province
TN Weather
Weather
By Aruna
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ, ඌව,මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිරපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමකතද වැසිද ඇති විය හැකි බවයි.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී විටින් විට වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල ද උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එහි වැඩිදුරටත් සදහන් වන්නේ.
එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
