ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි - මේ ප්‍රදේශවල සිටින අය ප්‍රවේශමෙන් සිටින්න.

Sri Lanka Weather
By krishani Sep 02, 2023 01:12 AM GMT
krishani

krishani

Report

අද (02) බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ද ඇති විය හැකිය. 

නැගෙනහිර සහ ඌව පළාත්වලත් වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-45ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකිය.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේ දී අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතිනු ඇති අතර අද දින දහවල් 12:10ට නවක්කාඩු (පුත්තලම දිස්ත්‍රික්කය), ගල්ගමුව (කුරුණෑගල දිස්ත්‍රික්කය), ඕනෑගම (පොළොන්නරුව දිස්ත්‍රික්කය) යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇත.

ReeCha