අලුත් අවුරුද්දේ, පවුල් පිටින් එළියට බහිනවා නම් හෙට මේ ගැනත් දැනගෙනම ඉන්න වෙයි..

Report

අද (13) 09.25ට යෙදෙන සුබ නැකතින් අලුත් අවුරුද්ද උදා විය.

අලුත් අවුරුද්දේ, පවුල් පිටින් එළියට බහිනවා නම් හෙට මේ ගැනත් දැනගෙනම ඉන්න වෙයි.. | Weather In Sri Lanka 14Th April 2024

ඉතිම් හෙට ඔබ ගොඩක් දේවල් සැලසුම් කරලා ඇති.

හෙට දිනයේ මේ දේ ඔයාට ගොඩක් වැදගත් වෙයි.

හෙට (14) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස 2.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇති වෙන බව සඳහන් වන අතර බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරයි.

තව සුළු මොහොතකින් උදාවෙන අලුත් අවුරුද්ද - කරන්න ඕන මෙන්න මේ දෙයයි..(PHOTO)

තව සුළු මොහොතකින් උදාවෙන අලුත් අවුරුද්ද - කරන්න ඕන මෙන්න මේ දෙයයි..(PHOTO)


එමෙන්ම, වැසි බර කාලගුණ තත්ව ගැන කතා කළත්, දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවති.

කෙසේ වෙතත්, හෙට දින දහවල් 12:10 ට නයිනතිව්, පුන්කුඩුතිව්, මණ්ඩයිතිව්, මනල්කාඩු සහ උඩුතුරෙයි යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.