අද දින පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ ප්‍රායෝගික විභාගය ගැන දැනුම්දීමක්

Report

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිවයින පුරා පාසල් වසා තැබීමට තීරණය කර තිබුණද, 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සෞන්දර්ය විෂයයන් සඳහා වන ප්‍රායෝගික විභාග, සැලසුම් කර තිබූ පරිදි අද දින (27)  පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද දිනය රට පුරා පිහිටි සියලුම පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

කෙසේ වෙතත්, සෞන්දර්ය විෂයයන් සඳහා වන ප්‍රායෝගික විභාග, කලින් සැලසුම් කළ කාලසටහනට අනුව නියමිත විභාග මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

පාසල් 26කට නිවාඩු - මේ දැන් නිකුත් වූ හදිසි තීරණය මෙන්න - අයහපත් කාලගුණයෙන් පාසල් නිවාඩු ප්‍රකාශයට

පාසල් 26කට නිවාඩු - මේ දැන් නිකුත් වූ හදිසි තීරණය මෙන්න - අයහපත් කාලගුණයෙන් පාසල් නිවාඩු ප්‍රකාශයට

යම් අපහසුතාවකට මුහුණ දෙන හෝ වැඩිදුර පැහැදිලි කිරීමක් අවශ්‍ය වන අපේක්ෂකයින්ට, ඒ පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා තම අදාළ අධ්‍යාපන කලාපයේ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හා සම්බන්ධ විය හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා අපේක්ෂකයින්ට පහත දුරකථන අංක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය හැක.

ක්ෂණික ඇමතුම් අංකය: 1911

දුරකථන අංක: 011 278 4208 / 011 278 4537

ෆැක්ස් අංකය: 011 278 4422

ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු සඳහා - පුරවැසියන් වෙනුවෙන් නව තීන්දුවක් ප්‍රකාශයට

ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු සඳහා - පුරවැසියන් වෙනුවෙන් නව තීන්දුවක් ප්‍රකාශයට