උණුසුමත් එක්ක තවත් දෙයක්?. හෙට කාලගුණයේ ප්‍රබල වෙනසක්.. මෙන්න මේ ප්‍රදේශවල අය අවදානයෙන් සිටින්න..
By krishani
හෙට (11) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය උතුරු සහ උතුරුමැද පළාත් සහ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා බලපැවැත් වේ.
ඒ අනුව ඉහත ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය යොමු කළ යුතු' මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එම නිසා ඉහත ප්‍රදේශවල ජීවත්වන විමසිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර, හෙට දිනයේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.