මොකක් වෙයි ද?. හෙට කාලගුණය ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න.

Weather Latest Headlines Decision Making
By krishani Jun 10, 2024 01:10 PM GMT
krishani

krishani

Report

හෙට (11) දිනෙයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

මොකක් වෙයි ද?. හෙට කාලගුණය ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න. | Weather In Sri Lanka 11Th June 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

එමෙන්ම, බස්නාහිර, සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

තව ද, ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය එම නිවේදනයේ වැඩිදුරත් සඳහන් වේ.

කැළඹුණ කාලගුණයේ අලුත්ම තත්ත්වය ගැන මේ දැන් ලැබුණ නිවේදනය මෙන්න.

කැළඹුණ කාලගුණයේ අලුත්ම තත්ත්වය ගැන මේ දැන් ලැබුණ නිවේදනය මෙන්න.


කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.