කැළඹුණ කාලගුණයේ අලුත්ම තත්ත්වය ගැන මේ දැන් ලැබුණ නිවේදනය මෙන්න.

Department of Meteorology Weather Latest Headlines
By krishani Jun 10, 2024 01:05 AM GMT
krishani

krishani

Report

අද (10) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

කැළඹුණ කාලගුණයේ අලුත්ම තත්ත්වය ගැන මේ දැන් ලැබුණ නිවේදනය මෙන්න. | Weather In Sri Lanka 10Th June 2024

ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම, සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දැනුම් දී ඇත.

තව ද, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව සඳහන් වේ.

ඉන්ධන ගැන විශේෂ තීරණයක් ගනී.. එතකොට මිලට කුමක් වෙයි ද?.

ඉන්ධන ගැන විශේෂ තීරණයක් ගනී.. එතකොට මිලට කුමක් වෙයි ද?.


කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.