ගමන් බිමන් යන ජනතාව සහ එළිමහන් කටයුතුවල නිරත වන අයට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) වැසි වාර කිහිපයක් ඇතිවනු ඇත. වයඹ පළාතේ ස්වල්ප වැසි තත්ත්වයක් ද බලාපොරොත්තු විය හැකිය.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30-40 අතර තරමක තද සුළං හැමීමේ හැකියාවක් පවතී.
ගමන් බිමන් යන ජනතාව සහ එළිමහන් කටයුතුවල නිරත වන අය මෙම කාලගුණ තත්ත්වයන් ගැන සැලකිලිමත් වී, ආරක්ෂිත පියවර ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ.