පැයට කිලෝමීටර් 50ක වේගයෙන් හමායන මහා සුළඟ-මේ දිස්ත්‍රික්කවල අයට දැඩි අවවාදයක්
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත .
ඒ අනුව මධ්‍යම, උතුරු, උතුරුමැද පළාත් සහ රත්නපුර, හම්බන්තොට, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.
ඉදිරි පැය 24 සඳහා මෙය වලංගු වන අතර, අදාළ ප්‍රදේශවල විටින් විට පැ.කි.මි 40 – 50 පමණ තද සුළං ඇති විය හැකිය. ජනතාවට මේ පිළිබද අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි